LIVING STREAM MINISTRY

මහා පරිමාණ බෙදාහැරීම සඳහා ප්‍රකාශන

මේ කට්ටලයේ ඇති පොත් සමග පටන්ගන්නා ආකාරය


	කිතුණු ජීවිතයේ මූලික හරයයන් - පළමුවන වෙළුම 
	කිතුණු ජීවිතයේ මූලික හරයයන් - දෙවැනි වෙළුම 
	සියල්ලෙන් පිරිපුන් ක්‍රිස්තුස්වහන්සේ 
	දෙවියන්වහන්සේගේ ගෘහස්ථ පරිපාලනය 
	කිතුණු ජීවිතයේ මූලික හරයයන් - තුන්වැනි වෙළුම 
	ජීවනයේ දැනුම 
	මහිමාන්විත සභාව

මේ කට්ටලයේ එන පොත් පීඩීඑෆ් ගොනු ලෙස බාගත කළ හැකිය. ඔබට පීඩීඑෆ් ගොනු බැලීමට හා මුද්‍රණය කරගැනීමට නොමිලේ ලද හැකි ඇඩෝබි රීඩරය මෙහිදී අවශ්‍ය වෙයි. කරුණාකර මේ ගොනු ලබාගැනීම පාලනය කරන බෙදාහැරීමේ ප්‍රතිපත්තිය ප්‍රවේසමෙන් සමාලෝචනය කරන්න. බාගත කිරීම සඳහා ඇති පොත්පත් සකසා ඇත්තේ විශේෂ අනුපිලිවෙලකිනි; එනම් අන්තර්ගතයෙන් ඉතා මූලික පොතෙහි සිට ඉතා ඉහළ පොත දක්වාය. මෙසේ සකසා ඇත්තේ ඉදිරිපත් කර ඇති මාතෘකා පිළිබඳ ඔබගේ අවබෝධය හා අගැයීම උපරිම මට්ටමකට ගෙන එන පිණිසය.

මේ පොත් හත අනුපිලිවෙලින් කියවීමේදී ඔබ පටන්ගත යුත්තේ කිතුණු ජීවිතයේ මූලික හරයයන්, පළමුවන වෙළුම; සමගිනි. මෙය මේ කට්ටලය සඳහා හැඳින්වීමක් වනු ඇත. ඉන්පසු අනුපිලිවෙලින් ඇති ඊළඟ පොත් තුනේ කට්ටලය කියවන්න. මේ දෙවැනි කට්ටලය ඉතා සුවදායී කිතුණු භාවිතයන් සමහරක් ආවරණය කරයි; සෑම ධනාත්මක දේකම යථාර්ථයත්, දෙවියන්වහන්සේගේ සදාතන සැළැස්මේ කේන්ද්‍රයත් වශයෙන් ක්‍රිස්තුස්වහන්සේ හඳුන්වා දෙයි. මේ සැළැස්ම බයිබලය හඳුන්වන්නේ “දෙවියන්වහන්සේගේ ගෘහස්ථ පරිපාලනය” යනුවෙනි (1 තිමෝ. 1:4). මේ පදනම සහිතව, අවසාන පොත් තුන ඇදහිලිවන්තයාගේ දිව්‍යමය ජීවනයේ ඉදිරියට යන අත්දැකීම එළිදරව් කරමින්, සභාව තුළින් දෙවියන්වහන්සේගේ අවසන් ඉලක්කය ඉදිරිපත් කරයි. මේ මුළු කට්ටලයම පියවරෙන් පියවර කියවීම, ඔබට දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ අරමුණ දැනගැනීමට උපකාර වෙතැයි අපි අපේක්ෂා කරමු.