LIVING STREAM MINISTRY

මහා පරිමාණ බෙදාහැරීම සඳහා ප්‍රකාශන

පොත් ගොනු පූර්ව දර්ශනය කොට, බාගත කරන්න

මේ කට්ටලයේ එන පොත් පහත දැක්වෙයි; ඒ්වා මූලික මට්ටමේ සිට මධ්‍යම හා උසස් මාතෘකා වශයෙන් පෙළගස්වා ඇත. ඔබට පොත් බාගත කිරීමේදී උපකාර අවශ්‍ය නම් අපේ උපකාර පිටුව වෙත පිවිසෙන්න. ඔබේ පොත් බාගත කිරීමට හැකිවන පිණිස කරුණාකර බෙදාහැරීමේ ප්‍රතිපත්තියට එකඟ වන්න.

මේ අඩවියෙහි ඇති ලේඛන බෙදාහැරීම සඳහා අපේ ප්‍රතිපත්තිය

ලිවිං ස්ට්‍රීම් මිනිස්ට්‍රිය, මේ විද්‍යුත් පොත් සත ඔබට නොමිලේ ලබාදීමට සතුටු වෙයි. බොහෝ දෙනෙක් මේ පොත් සියල්ලම කියවා, ඒවා අනුන්ටද නිර්දේශ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සියල්ල නිසි පරිදි පවත්නා පිණිස, මේ පොත් මුද්‍රණය කිරීම ඔබේ පෞද්ගලික භාවිතයට පමණක් සීමා කරන ලෙස අපි ඉල්ලා සිටිමු. කරුණාකර මේ ලිපිගොනු වෙනත් තැන්වල කිසිදු ආකාරයකින් පල නොකරන්න. ඔබට මීට වඩා පිටපත් සාදාගැනීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබට අවශ්‍ය කරුණ විස්තරාත්මකව [email protected] වෙත අප ලියා දන්වා, අවසර ඉල්ලා සිටින්න. ඇවිරීමේ හිමිකම් පිළිබඳ සියලු දැන්වීම් අදාල නීතියට අනුව ගරු කළ යුතුය. මේ පීඩීඑෆ් ගොනු කිසිදු ආකාරයකින් වෙනත් කිසි අරමුණක් උදෙසා වෙනස් නොකළ යුතුය, සකස් නොකළ යුතුය.

කිතුණු ජීවිතයේ මූලික හරයයන් - පළමුවන වෙළුම
කිතුණු ජීවිතයේ මූලික හරයයන් - පළමුවන වෙළුම
විට්නස් ලී හා වොච්මන් නී
පසු පිටුවෙන්: කිතුණු ජීවිතය බොහෝ වැදගත්කමින් හා අර්ථයෙන් යුතු ය. එහෙත් බොහෝ දෙනා දේව වචනයේ, එනම් බයිබලයේ ඉදිරිපත් කොට ඇති පරිදි මේ ජීවිතයේ මූලික හරයයන් වටහා නොගනිති. වොච්මන් නී හා විට්නස් ලී විසින් රචිත මේ කිතුණු ජීවිතයේ මූලික හරයයන් - වෙළුම පොතෙහි කිතුණු ජීවිතය යනු කුමක්දැයි හ‍ඳුන්වා දී විස්තර කොට ඇත. මිනිස් ජීවිතයේ අබිරහස නමැති පළමු පරිච්ඡෙදයේ දෙවියන්වහන්සේගේ ගැලවීමේ සැළැස්ම ඉදිරිපත් කොට ඇත. ඉන්පසු එන පරිච්ඡෙද කිතුණුවෙකු සඳහා මූලික අත්දැකීම් කිහිපයක් විස්තර කරයි. අවසන් පරිච්ඡෙදයෙන් ඉදිරිපත් වන්නේ ඇදහිලිවන්තයෙකුගේ කිතුණු ජීවිතය සඳහා ඇති අවසන් යතුර වන මිනිස් ආත්මයෙන් ක්‍රිස්තුස්වහන්සේ අත්දැක ගැනීම ය. දෙවියන්වහන්සේ සොයන්නන්ට හා ක්‍රිස්තුස්වහන්සේ තුළ වර්ධනය වීමට අපේක්ෂා කරන්නන්ට, මේ පණිවුඩ මගින් පොහොසත් හා අර්ථවත් කිතුණු ජීවිතයක් ස‍ඳහා ස්ථිර පදනමක් ගොඩනැ‍ගෙනු ඇත.

බාගත කරන්න පීඩීඑෆ් මේ පොත බාගත කිරීමට හැකිවන පිණිස බෙදාහැරීමේ ප්‍රතිපත්තියට එකඟ වන්න.

කිතුණු ජීවිතයේ මූලික හරයයන් - දෙවැනි වෙළුම
කිතුණු ජීවිතයේ මූලික හරයයන් - දෙවැනි වෙළුම
විට්නස් ලී හා වොච්මන් නී
පසු පිටුවෙන්: කිතුණු ජීවිතයේ කේන්ද්‍රස්ථානය වන්නේ ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීම ය. මේ සඳහා අප උන්වහන්සේ සමඟ දිනක් දිනක් පාසා ජීවමාන ආකාරයකට සම්බන්ධ විය යුතු ය; අත්දැක ගත යුතු ය. මේ අත්දැකීමට නිසි ආත්මික ආහාර, නිරන්තර ආත්මික නමස්කාරය හා ගැඹුරු ආත්මික වර්ධනය වැනි යම් යම් මූලික හරයයන් ද සම්බන්ධ වෙයි. වොච්මන් නී හා විට්නස් ලී විසින් රචිත මේ කිතුණු ජීවිතයේ මූලික හරයයන් - දෙවැනි වෙළුම පොතෙහි නිරෝගී කිතුණු ජීවිතයක් සඳහා මූලික හරයයන් තුනක් ඉදිරිපත් කර ඇත: එනම් ස්වාමීන්වහන්සේ සමඟ කාලය ගත කිරීම, සරල ලෙස උන්වහන්සේ සමඟ සම්බන්ධ වීම හා උන්වහන්සේ තුළ ගැඹුරින් වර්ධනය වීම ය. මේ පණිවුඩ මගින් දෙවියන්වහන්සේ සොයන්නන් දේව වචනය තුළ ඉතා පොහොසත් පෝෂණයකට ද, උන්වහන්සේ හා මොහොතින් මොහොතට වන සම්බන්ධයකට ද, දෙවියන්වහන්සේ පිළිබඳ ගැඹුරු හා සැඟවුණු අත්දැකීමක් තුළට ද ගෙන එනු ඇත.

බාගත කරන්න පීඩීඑෆ් මේ පොත බාගත කිරීමට හැකිවන පිණිස බෙදාහැරීමේ ප්‍රතිපත්තියට එකඟ වන්න.

සියල්ලෙන් පිරිපුන් ක්‍රිස්තුස්වහන්සේ
සියල්ලෙන් පිරිපුන් ක්‍රිස්තුස්වහන්සේ
විට්නස් ලී
පසු පිටුවෙන්: මුළු පරණ ගිවිසුම පුරාවට හමුවන සියලු සංකේත හා රූපකවලින්, අපගේ ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අසිරිමත් දැක්මක් ඉදිරිපත් කරයි. එහි ඉතා වැදගත්, එහෙත් මඟහැරීගිය සංකේතයක් වන්නේ යහපත් දේශයයි. විට්නස් ලී “සියල්ලෙන් පිරිපුන් ක්‍රිස්තුස්වහන්සේ” නම් වූ මේ පොතෙන් ද්විතීය කථාව පොතේ යම් යම් කොටස් විග්‍රහ කරන්නේ, ඉශ්‍රායෙල් පුත්‍රයන් උරුම කරගත් යහපත් දේශය යනු අපේ අළුත් ගිවිසුම් උරුමය වූ ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණ සංකේතයක් බව පෙන්වා දෙමිනි. ඔහු මෙහි යහපත් දේශයේ සොයා නිම කළ නොහැකි සම්පත් සමහරක් පිළිබඳව සවිස්තර අධ්‍යයනයක් ඉදිරිපත් කරයි. එක් එක් සංකේතය පැහැදිලි කොට, ඇදහිලිවන්තයන් වශයෙන් අපේ අත්දැකීමට ආදේශ කොට ඇත. “සියල්ලෙන් පිරිපුන් ක්‍රිස්තුස්වහන්සේ” පොත මුල සිට අග දක්වා ම දෙවියන්වහන්සේ සොයා යන්නන් දිරිගන්වන්නේ, දෙවියන්වහන්සේගේ සදාකාල සැළැස්ම ඉටු කිරීම සඳහා ක්‍රිස්තුස්වහන්සේ අපේ එදිනෙදා ජීවිතයේදී යහපත් දේශය වශයෙන් භුක්ති විඳින ලෙස ය.

බාගත කරන්න පීඩීඑෆ් මේ පොත බාගත කිරීමට හැකිවන පිණිස බෙදාහැරීමේ ප්‍රතිපත්තියට එකඟ වන්න.

දෙවියන්වහන්සේගේ ගෘහස්ථ පරිපාලනය
දෙවියන්වහන්සේගේ ගෘහස්ථ පරිපාලනය
විට්නස් ලී
පසු පිටුවෙන්: 1927 දී වොච්මන් නී කිතුණු වර්ධනය හා අභිවෘද්ධිය පිළිබඳ සිය ආත්මික සම්භාව්‍ය ග්‍රන්ථය වූ “ආත්මික මිනිසා” පළකළේ ය. ඇදහිලිවන්තයන්ගේ ආත්මික ජීවිතයේ අභිවෘද්ධිය සඳහා කේන්ද්‍රගත හා අත්‍යවශ්‍ය එළිදරව්ව වශයෙන්, මිනිසා යනු ආත්මය, ප්‍රාණය හා ශරීරය නමැති කොටස් තුනෙන් සැදි අයෙක් ය යන සරල බයිබලීය සත්‍යය ඔහු ඒ පොතෙන් ඉදිරිපත් කළේ ය. ඔහුගේ සමීපතම හා ඉතා විශ්වාසවන්ත සහාය ක්‍රියාකරු වූ විට්නස් ලී, මේ පදනම මත ගොඩනඟමින් “දෙවියන්වහන්සේගේ ගෘහස්ථ පරිපාලනය” පොතෙන් බයිබලයේ කේන්ද්‍රීය එළිදරව්ව අනාවරණය කරයි - එනම් දෙවියන්වහන්සේ මිනිසා තුළට තමන්වහන්සේ නිකුත් කරන්නට අදහස් කරන්නේ සභාවේ උන්වහන්සේගේ පූර්ණ ප්‍රකාශනය උදෙසා බව ය. ඔහු “දෙවියන්වහන්සේගේ ගෘහස්ථ පරිපාලනය” පොතෙන් දිව්‍යමය ත්‍රිත්වයේ ක්‍රියාකාරිත්වය පැහැදිලිවම අනාවරණය කරන අතර, ඇදහිලිවන්තයන්ට උන්වහන්සේගේ සදාකාල සැළැස්ම ඉටුකිරීම උදෙසා උන්වහන්සේට සහයෝගය දක්වන ප්‍රායෝගික ක්‍රම ඉදිරිපත් කරයි.

බාගත කරන්න පීඩීඑෆ් මේ පොත බාගත කිරීමට හැකිවන පිණිස බෙදාහැරීමේ ප්‍රතිපත්තියට එකඟ වන්න.

කිතුණු ජීවිතයේ මූලික හරයයන් - තුන්වැනි වෙළුම
කිතුණු ජීවිතයේ මූලික හරයයන් - තුන්වැනි වෙළුම
විට්නස් ලී හා වොච්මන් නී
පසු පිටුවෙන්: කිතුණු ජීවිතයක් සඳහා මූලික වන තවත් අත්දැකීම් තිබේ. ඇදහිලිවන්තයන් වශයෙන් අප වරද හා නිවරද පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය පමණක් ජීවත් වනු වෙනුවට, වඩාත් ඉහළ ජීවන ප්‍රතිපත්තියක් අනුව ජීවත් විය යුතු ය. දෙවියන්වහන්සේගේ ජීවනය අප තුළ ක්‍රියාත්මක වන විට, ඒ ජීවනයේ ආලෝකය මගින් අප නිසි ආකාර ජීවන මාර්ගයකට ගෙන එනු ලැබේ. එමගින් අප දෙවියන්වහන්සේගේ සාමූහික ප්‍රකාශනයක් වන්නට අනිකුත් ඇදහිලිවන්තයන් සමඟ ගොඩනඟනු ලබන්නෙමු. ඒ සාමූහික ප්‍රකාශනය නම් සභාවයි. වොච්මන් නී හා විට්නස් ලී විසින් රචිත මේ කිතුණු ජීවිතයේ මූලික හරයයන් - තුන්වැනි වෙළුම පොතෙහි, මේ අත්දැකීම් විස්තර කොට ඇත. මේ පණිවුඩ මගින් සියලු ඇදහිලිවන්තයන් ස්වාමීන්වහන්සේ තුළ පෞද්ගලික ව වර්ධනය වීමට ද, සභාවේ වර්ධනය හා ගොඩනැඟීමට ද අවශ්‍ය ආත්මික පෝෂණය ලබා දෙනු ඇත.

බාගත කරන්න පීඩීඑෆ් මේ පොත බාගත කිරීමට හැකිවන පිණිස බෙදාහැරීමේ ප්‍රතිපත්තියට එකඟ වන්න.

ජීවනයේ දැනුම
ජීවනයේ දැනුම
විට්නස් ලී
පසු පිටුවෙන්: දෙවියන්වහන්සේගේ අභිප්‍රායය වන්නේ තමන්වහන්සේගේම ස්වරූපය දරන, තමන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන, තමන්වහන්සේගේ සතුරා සමඟ කටයුතු කිරීමට තමන්වහන්සේගේම ආධිපත්‍යය ක්‍රියාත්මක කරන මනුෂ්‍යයාගේ පූර්ණ හා ඒකාබද්ධ ප්‍රකාශනයක් ලබාගැනීම ය. එහෙත්, මේ අභිප්‍රායය මුදුන්පත් කරගත හැක්කේ දෙවියන්වහන්සේගේ ම ජීවනය තුළින් බව වටහාගන්නේ ඇදහිලිවන්තයන් ටික දෙනෙක් පමණි. ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා උත්ථානය මගින් අපට ලබාගත හැකි ව ඇති දිව්‍යමය ජීවනය දැනගැනීමේ හා අත්දැකීමේ කරුණ ස්පර්ශ කර ඇත්තේ ඊටත් වඩා ටික දෙනෙකි. “ජීවනයේ දැනුම” පොතෙන් විට්නස් ලී ආලෝකමත් කරන්නේ ජීවනයට යන ගමන් මාර්ගයයි. එය පුනර්ජීවනයෙන් ඇරඹී, ජීවනයේ අභ්‍යන්තර සංවේදය දැනගනිමින් ඉදිරියට යන්නා වූ මාර්ගයකි. විට්නස් ලී විසින් රචිත “ජීවනයේ දැනුම” පොතෙන් ක්‍රිස්තුස්වහන්සේ සැබැවින් ම අත්දැකීමට පදනමක් ද, ඔහුගේ “ජීවනයේ අත්දැකීම” නමැති පොතට ප්‍රයෝජනවත් හැඳින්වීමක් ද සැපයේ.

බාගත කරන්න පීඩීඑෆ් මේ පොත බාගත කිරීමට හැකිවන පිණිස බෙදාහැරීමේ ප්‍රතිපත්තියට එකඟ වන්න.

මහිමාන්විත සභාව
මහිමාන්විත සභාව
වොච්මන් නී
පසු පිටුවෙන්: දෙවියන්වහන්සේ සභාව, එනම් මුදාගත් ඇදහිලිවන්තයන් දෙස බලන්නේ දිව්‍යමය දෘෂ්ඨිකෝණයකිනි. සභාව පාපයේ බලයෙන් ද, පාපයන්ගෙන් ද පරාජය වී ඇති සේ දකිනු වෙනුවට දෙවියන්වහන්සේ සභාව දකින්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මහිමාන්විත වූ ප්‍රතිරූපය ලෙසිනි. මහිමාන්විත සභාව මගින් වොච්මන් නී සාකච්ඡා කරන්නේ, බයිබලයෙහි සභාව නියෝජනය වී ඇති විශේෂ ආකාරයන් සතරක් පිළිබඳව ය: එනම්, උත්පත්ති 2 හි සිටින ඒව, එපීස 5හි සිටින භාර්යාව, එළිදරව්ව 12හි සිටින ස්ත්‍රිය සහ එළිදරව්ව 21 හා 22හි සිටින මනාලියයි. ඒ එක් එක් අවස්ථාවේදී ඔහු දෙවියන්වහන්සේගේ සදාකාලික අරමුණ ඉටු කිරීම සඳහා සභාවට ඇති ඉහළ කැඳවීම දක්වා සිටී. මෑතදී සොයාගන්නා ලද අත්පිටපත් මගින් මහිමාන්විත සභාවෙහි මේ නැවුම් පරිවර්තනයට අලුතින් එකතු කරනු ලැබ ඇත. එමගින් එය 1939 සිට 1942 දක්වා වොච්මන් නී විසින් කරන ලද දේශනාවල ඉතාමත් අංගසම්පූර්ණ වාර්තාව බවට පත් වෙයි.

බාගත කරන්න පීඩීඑෆ් මේ පොත බාගත කිරීමට හැකිවන පිණිස බෙදාහැරීමේ ප්‍රතිපත්තියට එකඟ වන්න.